වැලිමඩ – බදුල්ල මාර්ගයේ පාලමක් අසල දමා ගිය අත්බෝම්බ 08ක් සොයාගැනේ
වැලිමඩ බදුල්ල මාර්ගයේ ලබුතොට පාලම අසලට ඊයේ (10) පස්වරුවේ දමා ගිය අත්බෝම්බ 8 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්බෝම්බ සොයා ගත් අතර කොන්ක්‍රිට් මල් පෝච්චියක් ඇතුලට දමා එය බෑගයකටද දමා මෙසේ දමා ගොස් තිබින. කිසියම් පිරිසක් වාහනයකින් පැමින ලණුවක ආධාරයෙන් මෙය මාර්ගය ආසන්නයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පේ‍්‍රමලාල් රත්නායක