වැව් රක්ෂිත ඉඩමක් ව්‍යාපාරිකයන් බෙදාගෙන බවට චෝදනාවක්
කතරගම තම්මැන්නාව වැව් රක්ෂිත ඉඩම් වෙන්කර ගනිමින් විනාශ කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරතවී තිබේ.
අද (15) කතරගම ලුණුගම් වෙහෙර ප්‍රධාන මාර්ගය තම්මැන්නාව පාලම අසලින් අවහිර කර විරෝධතාව සිදුකර ඇත.
ප්‍රදේශවාසි පිරිස සඳහන් කරන්නේ කතරගම – ලුණුගම් වෙහෙර මාර්ගයේ තම්මැන්නාව වැව් රක්ෂිතයේ විවිධ ස්ථාන මේ වන විට නම් සහ අකුරු යොදා සලකුණු කර ඇති බවකි.
එම ව්‍යාපාරිකයන් තිස්සමහාරාම, දෙබරවැව, පැන්නෙගමුව,වීරවිල ප්‍රදේශවල පුද්ගලයන් බවද ප්‍රදේශවාසින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කළද කිසිඳු පියවරක් ගෙන නොමැති බවද ගම්වාසීන් සඳහන් කරයි.
රක්ෂිතය එළිපෙහිලි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් පිරිස මෙලෙස කතරගම ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ තිරත්වී තිබේ.