News

වැස්සෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථාන සදහන් කළේ,

කොටහේන ජේතවන පන්සල ඉදිරිපිට ආමර් වීදිය, බාබර් වීදිය ප්‍රදේශය.
කොටහේන බ්ලූමැන්ඩල් පාර, ශාන්ත ජේම්ස් වීදිය.
කොටුව රෙක්ලමේෂන් පාර, ජින්තු පිටිය හන්දිය.
කිරුළපන පොලීසිය ඉදිරිපිට මාර්ගය.
හයිලෙවෙල් පාර, බේස්ලයින් පාර, රොබට් ගුණවර්ධන හන්දිය.
දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.