News

වැස්ස නවතියි

පෙබරවාරි මාසය දක්වා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලය තුළ වැසි ලැබීම සාමාන්‍ය මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බැවින් වැසි ලැබෙනතුරු උෂ්ණත්වයේ අඩු වැඩි වීම් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් සඳහන් කළේය.

ගත වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එය සෙල්සියස් අංශක 33.6 ලෙස සඳහන් වූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.