News

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (18) සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.