විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි
තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයා වෙත ඊයේ(28) ලිපියක් යොමු කොට තිබිණ.
තමාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිළධාරීන්ගේ සේවය කඩිනමින් ඉවත් කොට ඇති අතර,එලෙස ඉවත් කළ ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් විග්නේශ්වරන් මහතා ඉල්ලීම් කොට ඇත. තමාගේ ජිවිතය වෙනුවෙන් තර්ජන පවතින බැවින් තමාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙස හෙතෙම ඉල්ලීම් කොට තිබිණ.
විග්‍නේශ්වරන් මහතා ලිපිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවතින ආරක්ෂාව තවදුරටත් පවතින බැවින් තමනගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂාව තවදුරටත් තමාවෙත ලබාදෙන ලෙසයි.
පසුගිය ඔක්තෝම්බර් මස 25 වැනිදා උතුරු පළාත් සභාවේ ධූර කාලය නිමා වු අතර,වර්තමානයේ උතුරු පළාත් සභාව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පාලනය කරනු ලබයි.