News

විද්‍යාපීඨ සහ ගරු විද්‍යාලවලටත් නිවාඩු

සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීට සහ ගරු විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබා දී තිඛේ.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැවත එම ආයතනයන්ගේ අධ්‍යන කටයුතු ලබන මාර්තු 30 වනදා සිට ආරම්භ කරන බවයි.

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම කාලය තුල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති උපදෙස් මත කටයුතු කරමින් ආරක්ෂාකාරිව වගකීම් සම්පන්නව කටයුතු කරන ලෙසයි ක්ෂේත්‍රයේ නිරත සියල්ලන්ගෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.