විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් – අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්න
ඉදිරියේදී විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය සදහන් කළේ ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බව ය.
පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට ලැබුනු වර්ෂතානයෙන් ජල ධාරිතාවේ සුවිශේෂී වැඩිවීමක් සිදුවූ නොවූ බව ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
වර්ෂාවට පෙර විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල ධාරිතාව 29.9
වර්ෂාවෙන් පසු විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල ධාරිතාව 32.5
මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.