News

විදුලි ලොක්කන්ගේ වත්කම් බැරකම් සොයයි

පසුගිය රජය සමයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සංගම් සහ විදුලි පාරිභෝගිකයන්ගේ සංගම් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරට කළ යෝජනාවකට අනුව මෙම තීරණයට එළැඹි බව සඳහන් වෙයි.

ඇතැම් නිලධාරීන් බිලියනපතියන් වී ඇති බවද වෘත්තීය සංගම් සඳහන් කර ඇත. රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවාව ආරම්භයේදී වත්කම් සහ බැරකම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරයි. කිසියම් නිලධාරියකු මහජනතාවට හානි වන අයුරින් අයථා ක්‍රම මගින් ධනය උපයාගෙන ඇති නම් නීත්‍යනුකූලව යළි ලබා ගැනීමටද රජය තීරණය කර තිබේ.

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිදු වෙතැයි පුරෝකථනය කර ඇති විදුලිය කප්පාදුවට ඇතැම් නිලධාරීන්ද වගකිව යුතු බව වෘත්තීය සංගම් අමාත්‍ය මහින්ද අමරවීරට පෙන්වා දී තිබේ.

උදයජීව ඒකනායක