News

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 39ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1828 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ගුවන් යානා 18 කින් ගුවන් මගීන් 1097 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර ඉන්දියාවේ චෙන්නායි සිට 123 දෙනකුද කටාර් රාජ්‍යය දෝහා සිට තවත් ගුවන් මගීන් 123 දෙනෙකු සිටියි.

ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 731දෙනෙකු ගුවන් යානා 21කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 161 දෙනකු පිටත්ව ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ලෝකයේ විවිධ රටවල් 49 කින් පමණ විදේශීය සංචාරකයන් 208 දෙනකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.