News

විදෙස් රටවල් 11ක ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා සීමා වෙයි

විදේශ රාජ්‍යයන් 11ක ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සිදුකරන සේවා සැපයීම සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොවිඩ් -19 වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශයන්හි ශ්‍රී ලංකා දූත සේවා විසින් සපයන කොන්සියුලර් සේවා මෙලෙස සීමා කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු අද (16 වැනිදා) සිට ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල කොන්සියුලර් සේවා සීමා කිරීමට නියමිතය.

ඒ යටතේ වැඩිදුර දැනුම්දීමක් සිදුකෙරෙන තුරු දූත මණ්ඩල විසින් තාවකාලික/ හදිසි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයන්ගේ මරණවලට අදාළ ලිපිලේඛන නිකුත් කිරීම සහ සහතික කිරීම වෙනත් හදිසි කොන්සියුලර් සේවාවන් සීමා කිරීමට කටයුතු කෙරෙනු ඇත.

 

නයන තරංග ගමගේ