විදෙස් සංචාරකයන් 68දෙනෙකු දිවයිනට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 21ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
ගුවන් යානා 12 කින් ගුවන් මගීන් 637 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර බහරේනයේ සිට 84 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 83 දෙනෙකු සිටියි.
ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.
ගුවන් මගීන් 623දෙනෙකු ගුවන් යානා 09කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් වෙත 169 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 103 දෙනෙකු විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සදහා තුර්කිය , බ්‍රසීලය , ඉරානය සහ ජර්මනිය යන රටවලින් සංචාරකයන් 68 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.