News

විදෙස් සිසුන්ට සරසවි දොර ඇරීමෙන් රජයට කෝටි 7 ක ආදායමක්

මෙරට විශ්ව විද්‍යාලවලින් විදේශීය ශිෂ්‍යයන්ට උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන් 2017 වර්ෂයේ පමණක් රුපියල් හත්කෝටි පනස්තුන් ලක්ෂයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රථම උපාධිය සඳහා සිසුහු 26 දෙනෙක් හා පශ්චාත් උපාධිය සඳහා සිසුහු 341 දෙනෙක් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටිති.

ඉන් ප්‍රථම උපාධිය ලබා ගැනීමට ඇතුළත් වූ සිසුන්ගෙන් රුපියල් එක්කෝටි පනස්හත් ලක්ෂයකුත් පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වූ සිසුන්ගෙන් රුපියල් පන්කෝටි අනූහය ලක්ෂයක ආදායමකුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපයා ඇත.

චමින්ද සේනාරත්න