News

විදෙස් සේවා කූඩුවේ ඉන්න ජගුවර් මාසෙට ලක්ෂ 4ක් කයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇතැයි වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරික මුදල් ගෙවිය යුතු බවත් කෝප් කමිටුවේදී ඊයේ (19) අනාවරණය විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවයි. එය විදේශ අමාත්‍යාංශයට​ හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවෙන් වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෙම අදහස් පළ වූයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙරේදා (18) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි.

අජිත් අලහකෝන්