විදේශයක සිට පැමිණි 15000ක් ලියාපදිංචි වෙයි
මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා විදේශගතව සිටමෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් සිය තොරතුරු ලබාදී නිරෝධායන ක්‍රියාවලියට ලියාපදිංචි වී තිබේ.
සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.
පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට මෙතෙක් සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි.
