News

විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටී නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලීසිය සඳහන් කළ අතර 31 සහ 26 හැවිරිදි සැකකරුවන් වන ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර වීසා නොමැතිව මෙරට රැඳි සිටීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද 25 සහ 24 හැවිරිදි පාකිස්ථාන් හා බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.