විදේශ ගමන් බලපත්‍ර 250ක් සමග තරුණියක් අත් අඩංගුවට
දිවයිනේ විවිධ පුද්ගලයන් ට අයත් විදේශ ගමන් බලපත්‍ර 250 ක් සමඟ 17 හැවිරිදි තරුණියක් විදේශ සේවා කාර්යාංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම තරුණිය කදාණ පොලිස් වසමේ වෑවල තොටේවත්ත ප්‍රදේශයේ නිවසක දී23දා අත් අඩංගුවට පත්ව තිබිණි.
මරදාන ප්‍රදේශයේ ව්‍යජ විදේශ සේවා කාර්යාලයක් පවත්වාගෙන යමින් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මෙම විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇත්තේ විවාහක යුවළක් විසින් බව විදේශ සේවා කාර්යාංශ නිලධාරියකු පැවැසීය. මෙම යුවල ගමන් බලපත්‍ර සමග මුදල් ද එම පුද්ගලයන් ගෙන් එකතු කර ඇත්තේ ඔවුන්ව විදේශ රටවල් වලට සේවා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වෙමිනි. පසුව එම යුවල මුදල් ලබා දුන් පුද්ගලයන් මග හරිමින් රටේ විවිධ ප්‍රදේශවල නිවාස කුලියට ගෙන සැගවී ජීවත් වී ඇති බව මුදල් ලබා දුන් පුද්ගලයන් පවසති. කාලාන්තරයක් තිස්සේ එම යුවලගේ වංචාව හසු වු පුද්ගලයන් පිරිසක් වංචාකාර යුවල කදාණ තොටේ වත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටින බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ අදාල නිවස පරීක්ෂා කලද ඔවුන් ඒ වන විට එම නිවසද අතහැර ගොස් තිබී ඇත. නමුත් එම නිවසේ වංචනික යුවලගේ ඤතීන් සිට ඇති අතර අදාළ යුවලගේ වංචාවට හසු වූ පිරිසක් හා ප්‍රදේශවාසීන් එම නිවසේ සිටියවුන්ට නිවසින් පිටවී යාමට ඉඩ නොදී නිවස ඉදිරිපිට රැදී සිට ඇත.
උක්ත තත්වය මත කිසියම් අයකුගේ උපදෙස් මත විදේශ ගමන් බලපත්‍ර 250 ක් රැගෙන තරුණියක් එම නිවසට පැමිණ ඇත්තේ එම එම ගමන් බලපත්‍ර ලබා දී නිවසේ සිටියවුන් රැගෙන යාමටය. නමුත් වංචනික ලෙස විවිධ පුද්ගලයන්ගෙන් තිබු ලක්ෂ ගණනක් මුදල් නොලැබීම නිසා ඔවුන් විදේශ සේවා කාර්යාංශයේ නිලධාරීන් ට ඒ බව දැනුම් දීමෙන් පසුව කදාණ පොලිස් ස්ථානයේ නිලධාරීන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාල තරුණිය අත් අඩංගුට ගෙන කදාණ පොලීසිය වෙත රැගෙන විත් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් හා මෙම වංචාවට සම්බන්ධ මහ මොලකරුවන් වු යුවල අත් අඩංගුවට ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරයි.
