News

විදේශ සංචාරකයින් නිරෝධාන කාලය අඩක් අඩුකරයි

විදේශ සංචාරකයන් දිවයිනට පැමිණීමේදී නිරෝධායනය වියයුතු කාල සිමාව අඩක් අඩු කර තිබේ. මේ අනුව නිරෝධායනයට ලක්විය යුතු කාල සීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙන බවය. එය අද සිට ක්‍රියාත්මක බව ද සඳහන් කරයි.