News

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට යන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමටයි

විධායක ජනපතිධුරය මේ වන විට අහෝසි කිරිමට යෝජනාවක් ඇති බවත් ජනපතිධුරය අහෝසි කිරිමට යන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමට බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරයි.

විධායක ජනපතිධුරය අහෝසි කිරිමට ජනමතයක් නොමැති බවත් එසේ කිරිමට අවශ්‍ය නම් ජනමත විමසුමකට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.