විපක්ෂ නායක ධුරය ගැන තීන්දුවක් ගන්න අද රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්
විපක්ෂ නායක ධුරය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (05 වැනිදා) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ විසින් එහිදී සජිත් ප්‍රේමදාසට ලබාදෙයි යන විශ්වාසයෙන් තමන් එම රැස්වීමට සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ‘අරුණ’ට පැවසීය.
එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද එහිදී අවධානයට යොමු කරන බවද හෙතෙම වැඩදුරටත් කීවේය.
චාමර පල්ලෙගෙදර
