විභාග දෙපාර්තමේන්තුව උණුසුම් වෙයි
විභාග දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (31) විරෝධතාවයක නිරතවී තිබෙන අතර ඒ අතිකාල දීමනා ප්‍රශනයක් මුල්කර ගනිමින්ය.
මේ අනුව පිරිස අතිකාල දීමනා ප්‍රමාදවීමට විරෝධය පලකර තිබේ.
කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර තිබෙන්නේ අතිකාල දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන බව ය. එය ලැබුන වහාම ගෙවීම් සිදුකරන බව ඔහු සඳහන් කරයි.