විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි
හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06 වැනිදා) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියේදී නතර කෙරිණි.
දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවෙන් පසු වර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළේය.
දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව තිබිණි.
