විමල් දෙවැනි වුණේ මට විතරයි – මහින්ද
රාජ්‍යයට අනතුරක් ඇති වන සෑම අවස්ථාවක තමන් ඉට එරෙහිව පෙනී සිටි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතාගේ පාර්ලිමේන්තු දේශපාලනයට වසර 20 ක් සපිරිම නිමිත්තෙන් කොළඹ නෙලුම් පොකුණ රගහලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රට තුල භාණ්ඩ හිගයක් ඇති කරන්න ඇතැම් පාර්ශව උත්සහදරින් සිටින බව ද විමරල් වීරවංශ මහතා සඳහන් කළා.
රාජ්‍ය බලගැන්වීම පෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බවයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප දිනා ගන්නේ ඔහු කළ සේවයට ජනතාව කෘතගුණ සැලකීම නිසා බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහා.
තමන් 2015 ජනාධිපතිවරණය පරාජය වී හම්බන්තොට පැමිණි විට නැවත තම දේශපාලන ගම ශක්තිමත්ව ආරම්භ කිරිමට නුගේගොඩදී මහින්ද සුළග ඇරඹු විමල් වීරවංශ දෙවැනි වුවා නම් වුණේ තමන්ට පමණක් බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.
