Update – ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථවාන තදබදයක් හටගෙන ඇත.
මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.
එම නිසා ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇත.
විරෝධතාවක් නිසා බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක්
උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇති බවට වාර්තා වෙයි.