විරෝධතා පාගමනක් නිසා ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්
සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉල්ලීම් කිහිපපයක් මුල් කරගනිමින් විරෝධතාවය ආරම්භ කර තිබේ.
ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, පුහුණුව නිම කළ උපස්ථායක පත්වීම් වහා ලබාදීම හා කොවිඩ් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 13ක් සම්බන්ධයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් විරෝධතාවයට සමගාමීව විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.
කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමන පැවැත්වේ.