විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව ජනපති නැගී සිටිය යුතුයි – නාමල්
විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම ට්විටර් ගිණුම හරහා ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බව වන අතර මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
මේ සඳහා රජය වගකිමකින් කටයුතු කළ යුතු බවත ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
President @MaithripalaS needs to step up as Minister of Env. & urgently address the #Wilpattu problem before it escalates any further. Not just the #environment that’s at stake, it’s also bordering on a critical social issue for #lka & the Gov ought to govern more responsibly.
— Namal Rajapaksa (@RajapaksaNamal) March 20, 2019