News

විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 03 වනදා

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය  අයත්  විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාවැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ අවසන් තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම පිළිබඳව විභාගය අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් කෙරුණි.

තීන්දුව ප්‍රකාශ කිරීම අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.