News

විවෘත විශ්වවිද්‍යාලයෙන් Online උපාධි පාඨමාලාවක්

විවෘත විශ්වවිද්‍යාලයෙන් Online උපාධි පාඨමාලාවක්

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් සිසුන් දසදහසකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

මෘදුකාංග ඉංජිනේරු, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති හා දත්ත විද්‍යාව යන ක්ෂේත්‍රයන්ගෙන් අධ්‍යයන කටයුතු කළ හැකි වෙයි.

ඕනෑම විෂය ධාරාවක් යටතේ උසස් පෙළ විභාගයෙන් විෂයයන් තුනක්, ඕනෑම වාරයකදී සමත් වී සිටින සිසුන්ට මෙන්ම, පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ටද මේ සඳහා අයැදුම් කළ හැකිය.

සාමාන්‍ය පෙළ සමත් සිසුන්ටද මෙම පාඨමාලාවට අයැදුම් කළ හැකි අතර එම සිසුන් පදනම් පාඨමාලාවකට පෙනී සිටිය යුතු වෙයි. ඊට අමතරව ඒ සමාන සුදුසුකම් ඇති සිසුන්ටද මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ හැකි වෙයි.

පාඨමාලා ගාස්තු රජයේ සහන ණය ක්‍රමයක් යටතේ ලබා ගත හැකි අතර, පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය වන උපාංග මිලට ගැනීමට ණය පහසුකම් සැලසේ. ණය පියවිය යුතු වන්නේ පාඨමාලාව අවසන් කර වසර හයකිනි.

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් ම මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර මේ නිසා රැකියාවන්හි නියුතු වූවන්ට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සැලසේ.

නිලන්ත මදුරාවල