News

විශ්වවිද්‍යාලයේ සිසුන් සිදුකළ විරෝධතා පාගමන විසුරුවා හැරියේ නෛතික රාමුවක් තුලද යන්න පරීක්ෂණයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඊයේ සිදුකළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සදහා පොලීසිය කටයුතු කළේ නෛතික රාමුවක් තුලද යන්න සොයා බැලීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.