විශ්වවිද්‍යාල 3ක රසායනාගාර කොරෝනා පරීක්ෂණවලට
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක් රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇති අතර කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහිදී දිනකට පී.සී.ආර්.පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇත.
පී.සි.ආර්.පරීක්ෂණ කිරීමේ දැනට පවතින උපරිම ධාරිතාව 1200ක් වන අතර අවශ්‍යතාව මත එය ක්‍රමයෙන් ඉහළ නංවන බවයි ඔහු සදහන් කරයි.
