News

විශ්ව විද්‍යාල 37ක රුපියල් කෝටි 566ක් ජංගම ගිණුමේ ගල්වෙයි

මෙරට ඇති විශ්වවිද්‍යාල හා උසස් අනුබද්ධ ආයතන තිස් හතකට (37) අයත් ජංගම ගිණුම් 794ක ප්‍රයෝජනයට නොගන්නා රුපියල් කෝටි 566ක මුදලක් ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළි වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී පැවසීය.

2017 වසර අවසන් වන විටත් එම මුදල් ජංගම ගිණුම්වල තිබූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහෙත් එම මුදල්වලින් සිදුවන කටයුතු පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුවට හෙළි කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සේනාරත්න