News

විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ

විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 3.00ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ 20 වන ව්‍යවස්ථා සංශෝධණය ගෙන ඒම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වුන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබදව එහිදී මූලික වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.