විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින් විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබාදීම අරඹයි
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්ෂි විමසීම මේ වන විට ආරම්භ කර තිබේ.
අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් සාක්ෂි ලබාදීමට නියමිතයි.
