News

Update : පාර්ලිමේන්තුව හෙට දක්වා කල්තැබේ

වේලාව පස්වරු 1.01 :- රටේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබේ.

වේලාව පස්වරු 1.07 :- පසුගිය ඉරිදා සිදුවු බෝම්බ් පිපිරීම් වලින් මියගිය පුද්ගලයින් සිහිකරමින් පාර්ලිමේන්තුව තුළ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්.

වේලාව පස්වරු 1.10 :-නිශ්ශබ්දතාවයෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ කතාවක්.
ඒ සමග පාර්ලිමේන්තුව උණුසුම් විය.

වේලාව පස්වරු 1.53 :- පැයක කාලයක් සදහා රැස්වූ පාර්ලිමේන්තුව ඊට විනාඩි 7කට පෙර අද දිනයට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා විසින් පියවර ගත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තුව යළි හෙට රැස්වීමට නියමිතයි.