News

විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් සොයා ගනී

විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් සොයා ගනී

විෂ රසායනික ද්‍රව‍ය ඇති බවට සැක කෙරෙන ආනයනික පොල්තෙල් අඩංගු බවුසර් දෙකක දංකොටුව ප්‍රදේශයේ දී පොලිසිය විසින් ඊයේ(29)රාත්‍රියේ අත්අඩංගුවටා ගෙන තිබේ.

බවුසර්වල තිබී පොල් තෙල් ලීටර් 27,500ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම පොල්තෙල් බවුසර් දෙක පිළිකා කාරක පොල්තෙල් ගෙන්වන බව කියන සමාගමකට අයත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන විත් ඇති අතර එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල් බවුසර් වල රියදුරන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මුදා හැර තිබේ.

බවුසර්වල තෙල් සාම්පල් ලබාගෙන ඒවා රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්න බව දංකොටුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් සොයා ගනී