News

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 05වනදා

2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.

අයවැය විවාදයට අදාළ වැඩසටහන පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය ඒ පිළිබඳ යොමු කෙරුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය මාර්තු මස 06 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය 13 වනදා සිට අප්‍රේල් මස 05 වනදා දක්වා පැවැත්වේ.

එදින පස්වරුවේ අයවැයට අදාළ ඡන්ද විමසීම සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.