විසා නොමැති විදේශිකයෙකු අත්අඩංගුවට
වීසා නොමැතිව බූස්ස ප්රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිටි බංග්ලාදේශ ජාතිකයෙකු පෙරේදා (09) සවස අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවටෙ ගනෙ ඇත්තේ මොහොමඩ් ෂෙයින් අලාම් නමැති 26හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු බූස්ස පන්සල පාරේ නිවසක වීසා නොමැතිව නතරවි සිටියදි පොලිසියට ලැබුන තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (10) ගාල්ල වැඩ බලන මහේස්ත්රාත් නිතඥ සොමසිරි උඩුවැල්ල මහතාට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස දහතුන්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අක්මිමණ එච්.එම්.සමන්
