වීසා නොමැතිව මෙරට රැදී සිටී බංග්ලාදේශ ජාතික චීවරධාරීයෙකු අත්අඩංගුවට
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්රදේශයේ ඇතිලිවැව ඩී.එස් ගම ප්රදේශයේ විහාරස්ථානයක විසා නොමැතිව රැදී සිටි බංග්ලාදේශ මුස්ලිම් ජාතික චීවරධාරීයෙකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී එම පුද්ගලයා සන්තකයේ තිබී ජංගම දුරකථන හයක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ අනූඑක් දහසක් තිබුන බව කුඩාඔය පොලිසිය සඳහන් කරයි.
සැකකරු 2006 වර්ෂයේදී ලංකාවට පැමින ඇති අතර එතැන් පටන් කිසිදු විසා බලපත්රයක් නොමැතිව මෙරට රැදී සිට ඇත
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතය.
.ඉදිරි විමර්ශන කුඩාඔය පොලිසිය සිදු කරයි.