News

වීසා නැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 05ක් කොටුවෙයි

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 28 හා 32 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.