වෙඩිකන්දේ කසුන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ්ගේ සහායකයෙකු බව පැවසෙන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා අද (20) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්රදේශයේ ක්රියාත්මක කළ මෙහෙයුමකදීයි.
ඔහු, පොලිස් නිලධාරීන්ගේ වෙස්ගෙන මහරගම පන්නිපිටියේ නිවසකට ඇතුලු වී නිවැසියන්ට ගිනි අවියකින් පහරදී මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙක් වනවා.
පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා වාර්තා වූ එම සිද්ධියේදී මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට විලංගු දා පැහැරගෙන ගොස් මහරගම ප්රදේශයේ දමා, පළා යාම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වනවා.
සැකකරු, වෙඩිකන්ද ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.