News

වෙන්නප්පුව ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කරයි

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක තරුණියක්ව සහ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකුව කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.

අද (27) පෙරවරුවේ මෙම ද්විත්ව ඝාතනයන් සිදුවී ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනයන් සිදුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පොලීසියට බාර වී ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත