News

වෙන්නප්පු ප්‍රා. සභාවේ එජාප මන්ත්‍රි දුලක්ෂි සහ ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.

මෙම සිදුවීම පොලිස් නිලධාරියෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර එය අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසුව අදාළ මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරියන් දෙදෙනෙකු සහ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.