වෙන් වුණත් ආණ්ඩු හදන්න එකතු වෙනවා – රුවන්
එක්සත් ජාතික පක්ෂය යම් හෙයකින් පාර්ශව දෙකකට වෙන්ව මහ මැතිවරණයට තරග කළහොත් මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේදී එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ සියලු පාර්ශව එක්ව මැතිවරණයට ඉදිරිපත්වීමට තවදුරටත් උත්සාහ දරන බවයි.
කුමන ලකුණක් යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද ඊට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසර ලබා ගතයුතුව ඇති බව ද රුවන් විජේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයතුල බල අරගලයක් ගොඩනැගිම තුල ප්‍රථිවාදි පාර්ශවලට එහි වාසිය හිමිවන බව රුවන් විජේවර්ධන මහතාගේ මතය වී තිඛේ.
