Top Story

වෙල්ලමංකරය ධීවර වරාය වැඩ ඇනහිටින හැඩ

වෙන්නප්පුව – වෙල්ලමංකරය මුහුදු තීරයේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ ධීවර වරායේ වැඩ කටයුතු අතර මග නතර කර එහි ඇති උපකරණ වෙනත් ස්ථානයකට ගෙන යාමට ඊයේ (28) සවස කොන්ත්‍රාත් ආයතනය ගත් උත්සාහයක් ගම්වාසීන් විසින් ව්‍යර්ථ කර තිබේ.

ධීවර වරාය ඉදිකිරීමේ  උපදේශකත්වය දරණ ආයතනය විසින් කරන ලද දැණුම් දීමක් මත උපකරණ ඉවත් කිරීමට තීරණය කළ බව කොන්ත්‍රාත් ආයතනයේ නිලධාරියෙක් කියා සිටියේය. වරාය ඉදිකිරීම නිම වන තුරු එහි ගෙනවිත් ඇති කිසිදු උපකරණයක් ගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බව ගම්වාසීහු පැවසූහ. උපදේශක සමාගමේ සහ කොන්ත්‍රාත් ආයතනයේ නිලධාරීන් සහ ගම්වාසීන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

2018 ජූනි මස 24 වැනිදා වැඩ ආරම්භ කර ඇති මෙම ධීවර වරාය මාස 30ක කාලයකින් නිම කිරීමට නියමිතව ඇති අතර ඒ සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 2326 කි.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.