වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙක් මාට්ටු
තලවාකැළේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කිසිදු අනුමැතියකින් තොරව එම පුද්ගලයා වසර 02කට ආසන්න කාලයක් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ නීති විරෝධී කටයුතු සිදු වන බවට නගර සභාවේ සේවිකාවන් විසින් කළ පැමිණිල්ලක් මත නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත..
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා සතුව රජයේ වෛද්‍යවරයෙකු බව තහවුරු කිරීම සඳහා කිසිදු ලියැවිල්ලක් තිබී නොමැත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයෙකු වන අතර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
