News

වෛද්‍ය උපකරණ රැගෙන චීන ගුවන් යානයක් දිවයිනට

කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ(10) සවස පැමිණ තිබේ.

මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා සඳහන් කළේය.