වෛද්‍ය සාෆි අධිකරණයට හමුවට
කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද (25) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
දැඩි ආරක්ෂාව මැද වෛද්‍යවරයා අධිකරණයට ගෙනවිත් තිබූ අතර, අධිකරණය අවට ද දැඩි ආරක්ෂක් අද දිනයේ යොදවා තිබේ.
වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වීමෙන් පසු සැකකාර වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල යන රෝහල්වලට වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව දහසකට අධිකය.
