ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව දෙනවා
තරුණ නායකත්වයකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිම තම අරමුණ බව එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ගාල්ලේ දි සන්ධාන කළේය.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතිමින් එජාප නායකවරයා මේ බව සදහන් කළේය.
එහිදී වදිධුරටත් කියා සිටියේ “ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඔන. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා යනුවෙනි.
