News

ශ්‍රීලනිපයේ තවත් 5 දෙනෙක් අයවැයට සහාය දෙන්න සාකච්ඡා

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසන අප්‍රේල් මස 05 වැනි දිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනකු අයවැයට සහාය පළ කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති වී තිබෙන සාකච්ඡාවලට විරෝධය දක්වන මෙම මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා නිසාත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා නිසාත් අයවැයට සහාය පළ කිරීමෙන් ගැටලුවක් නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් හය දෙනාද අයවැය දෙවැනි වර ඡන්ද විමසන අවස්ථාවේ ඊට සහාය පළ කළේ ය.

මධුභාෂණ හේරත්