ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවකට
2019 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අද (05) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (04) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
රජය විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බව කියා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් හෙට (06) ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.